SARASA Concert SA Concert

Tributes : ආරියදාස පීරිස්

ආරියදාස පීරිස්
      ගායකයෙකුගේ සහජ හැකියාව, ගායන විලාශය, ඒ සැටියෙන්ම ලොවට හඬගා කියන්නට කෙටිම, උපරිම, සුදුසු මාධ්‍යය ගුවන් විදුලියයි. එවැනි මාධ්‍යයේ නියමුවා නිවේදකයායි. ගායන ලොවින් මියුරු ගීයක් නිවේදකයෙක් අතට ලැබෙන මොහොත වැදගත් මොහොතක් බව නොකියාම බැරිය. නිවේදක වශයෙන් රාජකාරී කරන මා අතට, වික්ටර් රත්නායකගේ ගී අතුරින් මුලින් ම පත්වූයේ “සිහිල් සුළං රැල්ලේ” ගීතයයී. ඒ ගීතය ඇසු පමණින්ම ඒ ගීය ගයන ගායකයා කිසි දිනෙක දැක නැතත්, ගායන විලාශයෙන් කවදා හෝ ගායනා ක්‍ෂේත්‍රයේ අමරණීය රේඛාවක් වනු ඇතයී මට හැඟිණි. එදා සිට අද දක්වාත් වික්ටර් රත්නායකයන්ගේ ගීත ගුවනින් ප්‍රචාරය කිරීමට ලැබෙන හැම අවස්ථාවකම මා විදින්නේ අපරමිත සතුටක්! ඔව්, සත්තකින්ම ඔබ “සුදුවැලි කතරේ”- පිපුණ මලක්”. ඒ මල අපි ආරක්ෂා කරමු!
ආරියදාස පීරිස් Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award