Tributes : එච් ආර් ජෝතිපාල

ඔබ “වික්ටර්” කෙනෙකි. මේ පුංචි රටේ මිශ්‍ර කාහලයන් මැද සිංහල ඒක පුද්ගල ප්‍රසංගයක් එක් දහස් වාරයක් පැවැත්වීමට මට නම් සිතන්නට පවා අසීරුය. එහෙත් ඔබ අද එම ජය ටැඹ වෙත පිය මං තබා ඇත. ඒ අතින් ඔබ ඇත්තෙන්ම “වික්ටර්” කෙනෙකි. ඒක පුද්ගල ගීත ප්‍රසංගයේ පුරෝගාමියා වන ඔබ නිසා අද ගායක ගායිකාවන් මහත් රැසකට ලක්‍ෂ සංඛ්‍යාවක් ඉදිරියේ තම ශිල්ප දක්වන්නට වරම් අත්වූ වගද නොකියාම බැරිය. සංගීතය පිලිබඳ මුහුකුරා ගිය අවබෝධයක් මට නැතැත්, ඔබේ ස්වර රටාවල ඇති කලාත්මක අගය මම දකිමි. ගීතය, සංගීතය මේ රටේ ජීවත් කරවීම පිණිස දරණ මහඟු වෑයමට ඔබෙන් නොසෑහෙන රුකුලක් ලැබෙන වගද මම දනිමි.