SARASA Concert SA Concert

Tributes : ආර්. ආර්. සමරකෝන්

ආර්. ආර්. සමරකෝන්
එක්තරා යුගයකදී සංගීත අට්ටාලමත රැව් පිළි රැව් දුන් කඨෝර ගීතයට නව අර්ථකථනයක් දෙමින්, එය ලක්දිව සතර දිග්බාගයේ වෙසෙන ලක්‍ෂසංඛයාත පොදු සහෝදර ජනකාය වෙත රැගෙන යමින්, සංගීතමය දුත මෙහෙවරක යෙදුනු වික්ටර් රත්නායකයන් වෙත ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු වෙයි. ගීතයේ වදන් වැල තමා තුළින් ජනිත කරවන කම්පනය, ඒ අයුරින්ම රසිකයාගේ හදවත තුළටද කා වැද්දිය හැකි සුවිශේෂ කුසලතාවක් ඔහු සතුව පවතී. වික්ටර් බුදු ගුණ ගීයක් ගයද්දී ඊට සවන් දෙන අපේ සිත්සතන්ද මෙත් සිහිලෙන් නෑහැවෙයී. එය දේශමානි ගීයක් වෙතොත්, අපටද රට දැය වෙනුවෙන් දිවි පුදන්නට සිතෙන අන්දමේ ප්‍රාණ වායුවක් අප හදවත් තුළටද රිංගාගනී. ආදර ගීයක් නම්, ආදරයේ ආස්වාදජනක චමත්කාරයෙන් අපේ සිත් ඇලලී යයි.
ආර්. ආර්. සමරකෝන් Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award