Tributes : විශාරද නීලා වික්‍රමසිංහ

අප වඩ වඩාත් වික්ටර් රත්නායක නම්වූ ගාන්ධර්වයා කෙරෙහි ආසක්ත වීමට හේතු වූයේ ඔහු කෙරෙන් වහනය වූ නැවුම් නිර්මාණමය සුගන්ධයයි. ඔහු සංගීත ක්ෂේත්රයට පියනැඟුවේ ඔහුටම ආවේනික, ඔහුටම අනන්‍ය වූ ආරක් ගොඩ නඟාගෙනයි. ඊට පෙර ඔහුගේ හඬින් ගී ගැයූ කිසිවෙක් සිටියේ නෑ. වික්ටර් රත්නායකයන්ගේ හඬ මියුරු වැඩි යැයි වෙලාවකට මට සිතෙයි. ඔහුගේ හඬ ඒ තරම්ම සංගීතමය වූ පිරිමි හඬක් බව කිව මනාය. අදත් එදාටත් වඩා ලගන්නා සුලු පිරුණ බවක් මට ඔහුගේ කටහඬින් ඇසෙයි.