SARASA Concert SA Concert

Tributes : විශාරද නන්දා මාලනී

විශාරද නන්දා මාලනී
වික්ටර් කියන්නේ අති මධුර වූ ගී තනු උල්පතක්. ඔහුගේ ගීත චාරිකාව තුළ ගයා ඇති ගී වලින් අති බහුතරය ඔහුගේම තනු වීම නිසා ඔහුගෙන් තනුවක් නිර්මාණය කරවා ගැනීමට බොහෝ ගායක ශිල්පී ශිල්පිනියන් වික්ටර් වටා රොක් වුනා. අද මෙරට සිටින තරුණ පරපුරේ වැඩි දෙනා වික්ටර් රත්නායකයන්ගේ ගායනයෙන් ප්‍රබෝධයට පත්ව සංගීත ක්ෂේත්‍රයට පිවිසුන අයය යන්න මගේ පෞද්ගලික හැඟීමයි. වික්ටර් සරළ සංගීතය තුළ සාම්ප්‍රදායික සීමා වැට කඩොළු බින්දා. ඔහුගේ ඒක පුද්ගල ගී දැහැන "ස" ප්‍රසංගයට සංගීත ලෝලී තරුණ පිරිස් වහ වැටුනා. මට මතකයි ආරාධනා ලැබී සහභාගී වුනාට අමතරව පස් හය වතාවක් මුදල්ගෙවා ප්‍රවේශ පත් අරගෙන මා වික්ටර් ගේ "ස" ප්‍රසංගය බලන්න ගියා. ඒ තරම් වින්දනයක් අප ඉන් ලද බව කියන්න ඕනේ.
විශාරද නන්දා මාලනී Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award