SARASA Concert SA Concert

Tributes : විශාරද ගුණදාස කපුගේ

විශාරද ගුණදාස කපුගේ
"අමරදේවයන් බොහෝ විට උතුරු ඉන්දියානු රාගධාරී සංගීතයේ පිහිටා ගි තනු නිර්මාණය කරනු ලැබීය. සමහර ගීත ශුද්ධ රාග මනාව පිහිටා නිර්මාණය වූ ඒවාය. අමරදේවයන් සිංහල ගීතයට ස්වතන්ත්‍ර වේදිකාවක් සකස් කළේය. මේ පදනම තුළ බිහිවූ ශිල්පීන් තිදෙනා අතරින් වික්ටර් සුවිශේෂී ය. සරළ සංගීතය තුළ සිංහල ගීතයේ විශාල නිම් වළලු පුළුල් කිරීමක් වික්ටර් අතින් සිදුවිය. ගීතයට "කවුන්ටර් මෙලඩීස්” නොහොත් "අන්තර් සංවාදන” ආදිය යොදා ගනිමින් රාගාශ්‍රිත ගී තනු තුළ සිරවී තිබුණු සිංහල ගීතයේ සීමා මායිම් ඔහු සිඳ බිඳ දැමීය. එතෙක් සංගීත භාණ්ඩ කීපයකින් පමණක් නිර්මාණය වූ සිංහල ගීත වල වෙනසක් කරමින් වික්ටර් විසින් ඩ්‍රම්ස්, ඔබෝ, සැක්සෆෝන්, චෙලෝ, කොරැංගලි වැනි ආගන්තුක සංගීත භාන්ඩ ගුවන් විදුලිය තුළට කැඳවාගෙන එන ලදී. ගුවන් විදුලියට නුහුරු සංගීත භාණ්ඩ මෙන්ම ගුවන් විදුලියට කිසිදා පය නොගැසූ පුද්ගලයන්ද ඔහු කැඳවාගෙන ආවේය. එවකට විත්‍ර කර්ම ගුරුවරයෙකුව සිටි ස්ටැන්ලි පීරිස්, සරත් වික්‍රම වැන්නවුන් ඊට නිදසුන්ය. මා දකින්නේ වික්ටර් එවකට පැවති එකම විද්‍යුත් මාධ්‍යය වන ජාතික ගුවන් විදුලිය මඟින් රසික ජනතාව මෝහනය කළ පමණක් නොව ඔවුන්ගේ බුද්ධියද ඥාණනය කළ බවයි.
විශාරද ගුණදාස කපුගේ Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award