Tributes : ආචාර්ය රෝහණ වීරසිංහ

ශ්‍රී ලංකාවේ ප්‍රසාංගික හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනැමීම එතුමන්ගෙන් එම උපාධියට සහ ආයතනයට ලැබුණ ගෞරවයක් යැයි මට සිතේ. එතුමන්ගෙන් සිංහල සංගීතයට සිදුවූ මෙහෙවර එතරම් දැවැන්ත පරාසයකට විහිදී ගිය එකකි. මා අද ශ්‍රී ලාංකීක නිර්මාණ ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරයක රැඳී සිටීනම් එහිලා ගුරු කොටගත් පූර්වාදර්ශකයන් අතරේ එතුමන්ගේ නම මා ඉහළින්ම ලියා ඇත්තේ එහෙයිනි.