SARASA Concert SA Concert

Tributes : ආචාර්ය සෝමරත්න දිසානායක

ආචාර්ය සෝමරත්න දිසානායක
පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රවේශය නව සුභාවිත ගීත රටාවක සුබවාදී ආරම්භයක් වුවද, එය උගතුන්, වියතුන් හා කිසියම් උසස් වින්දන මට්ටමක් ඇති සීමිත පිරිසක් අතර පමණක් නතර වූවා මිස, පැවති අනුකරණවාදී රැල්ල අභිභවා සාමාන්‍ය රසිකයන් බහුතරයක් අතරට යාමේදී මන්දගාමී විය. අමරදේවයන් රෝපණය කළ සුභාවිත ගීතය නම් සුගන්ධවත් මල් උයනට හුදී රසිකයා එතෙර කළ පාලම නිර්මාණය කළ විශ්වකර්ම දේව පුත්‍රයා වික්ටර් රත්නායකයානෝ ය. එබැවින් වික්ටර් යනු රත්නායකයන්ගේ ජයග්‍රාහකයා නොව සකල සිරිලක ගීත රසිකයන් ජයග්‍රාහකයින් කළ සුපින්වතානෝ ය. ඔහුගේ ප්‍රාතිහාර්යයේ රහස නම් ඔහුට ආවේණික වූ එම මෝහනීය ගී ස්වරය තුල තනු නිර්මාණකරුවෙකු සහ භාව පූර්ණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු ද සැඟව සිටීමයි. එය ඔහුගේ නොව අපගේ වාසනාවයි.
ආචාර්ය සෝමරත්න දිසානායක Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award