SARASA Concert SA Concert

Tributes : නිරංජලා සරෝජිනී

නිරංජලා සරෝජිනී
ගායකයෙක් වශයෙන් ඔහුටම ආවේනික වූ සුවිශේෂී ගුණාංග රාශියක් ඔහුටපිහිටලා තියෙනවා.යොවුන් ආදරය ගැන කිව්වත්,මාතෘ ප්‍රේමය ගැන කිව්වත්,බුද්ධාලම්බන ප්‍රීතිය ගැන කිව්වත්,විරහව ගැන කිව්වත්,සතුට,සොම්නස ගැන කිව්වත් මේ හැම දෙයක්ම උපරිමයෙන් දනවන්නට ඔහුගේ කට හඬට හැකියි. මේ ලෝකයේ හැම මනුෂයෙකුටම පහසුවෙන් පිහිටන දක්ෂතාවයක් හා හැකියාවක් නොවෙයි ඒක. සඳ පහන් වූ රැයක ඈතින් “තනි තරුවේ” වැනි ගීත ඇහෙනකොට එවන් නිර්මාණ අපට දායාද කළ ඒ විශ්මිත නිමැවුම්කරුට අපි ස්තුති නොකර සිටින්නේ කොහොමද? සුවහසක් රසික සිත් සැනසූ ඔබේ ආදරණීය කටහඬට ලොබ බැඳගත් ප්‍රේක්ෂක පිරිස අතරට මමත් එක් වුනේ මීට අවුරුදු ගණනාවකට එපිටදී.
නිරංජලා සරෝජිනී Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award