SARASA Concert SA Concert

Tributes : ආචාර්ය අජන්තා රණසිංහ

ආචාර්ය අජන්තා රණසිංහ
අද්‍යතන යුගයේ වික්ටර් නැමැති ගාන්ධර්වයාගේ නිසග නිපුණතා සහ විවිධ සංගීතමය කුසලතා මේ යැයි ඔහු විසින් නොමඳව දක්වා ඇත. මේ යශෝරාවය තුළ සංගීතවේදී වික්ටර් රත්නායක දේශීය සංගීතමය රාජධානියේ ඔටුන්න හිමි කුමරුවන් නොවන්නේදැයි අපි සංගීත රසික පර්ෂදයෙන් විමසමු.              ඒ එසේ වුවත් නොවුනත් අපේ අනාගත අපේක්ෂාව මේ ගාන්ධර්වයා ම වන්නේය.              ගාන්ධර්වයාණෙනි, අපගේ හෙට ගීත ශ්‍රාවක පරපුරට නව ලෝකයක් මවා නිම කර දෙන්න, නිම කර දුන මැනවි. රස භාව පෝෂණය හඳුනන, දේශීය සංගීතය පිළිබඳව ජන විඥානය කුමක්දැයි ‌‍ හෘදයාංගමව දන්නා අපට අභිමානයෙන් ලෝකයා හමුවේ ඉදිරිපත් කළ හැකි සංගීත නිර්මාණ ආස්වාද කොට ගන්නා රසික පරපුරක් බිහිකර දුන මැනව.
ආචාර්ය අජන්තා රණසිංහ Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award