Tributes : මහාචාර්ය - එදිරිවීර සරත්චන්ද්‍ර
මහාචාර්ය - එදිරිවීර සරත්චන්ද්‍ර
සංගීත ක්ෂේත්‍රය දෙස බලන විට, රවීන්ද්‍රනාථ ඨකූරයන් (තාගෝර්) නිදර්ශනයක් වශයෙන් ගත හැකිය. ඔහුගේ ගීත සරලය, ජනප්‍රියය. එහෙත් ඔහු රාගධාරී සංගීතය මැනවින් හැදෑරූ කෙනෙකු බව අපි දනිමු. වික්ටර් රත්නායකයන්ගේ සරල ගී වලින් අපට චිරකාල වින්දනයක් ලැබිය හැක්කේ ඔහු ද සංගීත ශාස්ත්‍රය මැනවින් හදාරා ඇති බැවිනි. ඔහුගේ කටහඬ පුහුණු වූයේ රාගධාරී ගීත ගැයීමෙනි. ඔහුගේ නිර්මාණවල ද ජනප්‍රිය ලක්ෂණ අතර ම හරබර ස්වභාවයක් ද ඇත්තේ රාගධාරී සංගීතයේ මේ ආභාසය නිසා යැයි හගීමි.